Posts

බුදුවෙන්න තියෙන ලේසිම විදිහ

අපට නොලැබෙන දේ තමයි මේ මනුස්ස ලෝකයේ ඉපදුනැයි පස්සේ අවබෝධය. මනුස්ස ලෝකයේ ඉපදිච්ච මනුස්සයෙකුට කෑමබීම, ඉදුම් හිටුම්, රස්සාවල්, විවාහ, දූදරුවෝ, ගෙවල් ඒවා ඉබේම හම්බවෙනවා. ඒවා හම්බවෙන්න තමයි මේ ලෝකේ සකස් වෙලා තියෙන්නේ. හැමෝම කැමති වෙන්නේ භෞතික ජීවිතයට මේ භෞතික සම්පත් දරාගෙන තමන් වටේ මේ භෞතික සම්පත් ජාලය ගොඩගහගෙන ස්වදායී ජීවිතයක් ගෙවන්න. ඒක තමයි මේ මනුස්ස ලෝකේ ඉපදුන හැමෝගෙම ඒකායන බලාපොරොත්තුව. මොකක්ද මේ ස්වදායී ජීවිතය, කෙසේද මේ ස්වදායී ජීවිතයකට ලගාවෙන්නේ කියන එක ගැන කිසිම කෙනෙක් හිතලා බලන්නේ නැහැ.  සාමාන්‍යෙයන් ලෝකයේ ජීවත් වෙන මනුස්සයෙක් කල්පනා කරනවා කෑමබීම, ඇදුම් වගේ කලින් කියපු දේවල් ලැබුනාම ඒක ස්වදායී ජීවිතයක් කියලා. ඒක ස්වදායී වෙන්නේ ජීවිතය පිළිබඳ ගැඹුරු දැක්මක් නැති කෙනෙක්ට. ජීවිතය පිළිබඳ ගැඹුරු අවධානයක් නැති කෙනෙක් හිතනවා තමන් වටේ එකතුවන දේවල් තමන්ගේ ස්වදායී ජීවිතය කියලා. එහෙම ගියාම කාලයක් තිස්සේ යනකොට අර ඇදුම්, කෑම, යාලුවෝ, දරුවෝ, ගෙවල් දොරවල්, සම්පත් නිසා තමුන්ට මානසික අසහනය හටගන්නවා. මේ මනස බරවෙනවා. තමන්ගේ නිදහස නැතිවුන බව තේරෙනවා. එතකොට ඒ අයට කල්පනා වෙනවා කලින් ස්වදායික ජීවිතයක් කිව